Site icon Newshub

සුබ පණිවුඩයක් රැගෙන ඉන්දීය විදේශ ඇමති දිවයිනට

 

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන් ඉන්දියාවේ සහය ලබාදීමේ සුබ ආරංචිය රැගෙන  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශන්කර් (S. Jaishankar) මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණීමට නියමිතය.

බලශක්ති සුරක්ෂිතතාව , ආහාර සුරක්ෂිතතාව , මුදල් හුවමාරුව සහ ශ්‍රීලංකාවෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීම , ආදී ක්ෂේත්‍ර පිළිබඳව ඔහුගේ සංචාරය තුළ දී අවධාණය යොමුකිරීමට සැලසුම්කර තිබේ.

පසුගිය වසරේ ශ්‍රි ලංකාවට සහය වු ආකාරයටම ඉන්දියව මෙවරද ශ්‍රී ලංකාවට ඉන්දියනු ණය සහන ඇතුළු සහන පැකේජයක් ලබාදීම පිළිබඳ යහපත් ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවන බව ඉන්දීය රජයේ ආරංචිමාර්ග හුවා දක්වමින් ද හින්දු පුවත්පත සඳහන් කර ඇත.

මීට අමතරව අවබෝධතා ගිවිසුම් දෙකක් පිළිබඳ සාකච්ඡා කිරීමටද ඉන්දීය විදෙස් ඇමතිවරයා බලාපොරොත්තු වන අතර ඒ් ත්‍රිකුණාමලය සංවර්ධන ව්‍යාපෘතිය සහ කලාපීය බලශක්ති සම්ප්‍රේෂණ ව්‍යෘපෘතිය පිළිබඳව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා මුල්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබෙන ලිඛිත සහයෝගය අනිකුත් රටවල් සමග කටයුතු කිරීමේදී වැදගත් වනු ඇති බවද රාජත්‍රාන්ත්‍රිකයෝ පෙන්වා දෙන බව හින්දු පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.

 

 

 

Exit mobile version