Site icon Newshub

ලංකාවේ තැඹිලි වගේ අති විශිෂ්ටය පානයක් මම ලෝකයේ දැකලා නැහැ – ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තනාපති  

ලංකාවේ තැඹිලි වැනි විශිෂ්ට පානයක් තමා ලෝකයේ දැක නැති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කරනවා.

“ලංකාවේ භාණ්ඩ වලට ලෝකයේ ඉහළ මිලක් තිබෙනවා. උදාහරණයක් ලෙස තැඹිලි කියන්නේ විශිෂ්ඨ පානයක්. මෙයට සමාන කළ හැකි දෙයක් මම ලෝකයේ දැකලා  නැහැ. ලංකාවේ තැඹිලි ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ලෝකයේ සුඛෝප‌භෝගී නිෂ්පාදනයක් විදිහට තැබිලි භාවිතා කරන්න හැකියාව තිබෙනවා”.යැයි සඳහන් කරනවා.

එමෙන්ම පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මේවනවිට තැඹිලි හරහා ලංකාව උපයන ආදායම තුන් ගුණයකින් වැඩිවී ඇති බවයි.

අපනයන ආර්ථික භෝගයක් ලෙස තැඹිලි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට කටයූතු කරන බවද ඒම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

විඩියෝ අනුග්‍රහය ජාතික රූපවාහිනිය

 

Exit mobile version