Site icon Newshub

කොළඹ අල්ලන්නට ආ අරගලකරුවන්ට සිදු වු දේ

සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් හේතුවක් නොදන්වා , කලා කටයුතු සඳහා යොදාගන්නා කොළඹ සුදර්ශි ශාලාව වෙන්කරගෙන දේශපාලන මාධ්‍ය හමුවක් පවැත්වීමට යාමේදී ආයතනය සහ එම පිරිස අතර උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.

කොළඹ අල්ලමු වෙනස් කරමු යනුවෙන් සමාජ ක්‍රියාකාරින් පිරිසක් මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණු අතර අරගලය සමයේ ජාතික රූපවාහිනියට කඩා වැදුණු දානීෂ් අලී ඇතුළු පිරිසක් ඒ් සඳහා එක්ව සිටියහ.

පවතින දූෂිත ක්‍රමය වෙනස් කර කොළඹ ජනතාවට ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක ජීවත්වීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය වටපිටාව ඔවුන් සකස් කරන බවත් ඒවෙනුවෙන් විශ්වාසය තබන ලෙසත් මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේය.

කලා කටයුතු සඳහා යොදාගන්නා ස්ථානයක දේශපාලන කටයුතු සිදුකනොකරන ලෙස සුදර්ශී ආයතනය විසින් මෙම පුද්ගලයින්ට දැනුම්දී ඇති අතර එහිදී ඉතාමත් පහත් ආකාරයෙන් මෙම පිරිස හැසිරී ඇති බවද වාර්තා වේ.

ඒ්සම්බන්ධ විඩියෝව පහතින්…

Exit mobile version