මේ මොහොතේ පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වුවහොත් එහිදී රජයට දැරීමට සිදුවන වියදමට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ නියෝජිතයන්ට පමණක් අවම වශයෙන් රුපියල් බිලියන 72 ක වියදමක් දරන්නට සිදුවන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය සඳහන් කරයි.
එය සමෘද්ධිය ලබාදිමට රජය වැයකරන මුදලින් 50% ක් බවද මෙවැනි අවස්ථාවක එවැනි මුදලක් විනාශ කිරීම අපරාධයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.