Site icon Newshub

කිව්ව දේ නොකළාට ජනාධිපති හේතු විමසයි

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරන මුදල් අමාත්‍යංශය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයට දන්වා තිබුණත් අධික පාඩුවක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තම සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇති බවට වාර්තා වනවා.

රජයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දන්වන ලෙස ජනපතිවරයා එම සභාපතිවරුන්ට ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද වාර්තා වනවා.

සංස්ථාව ප්‍රසාද දීමනා ගෙවීම වෙනුවෙන් වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් රුපියල් කෝටි 58ක මුදලක් වැය කර ඇති බව බවද වාර්තා වෙයි.

මෙම ආයතන දෙකම පාඩු ලබන මොහොතක ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස, ජනපති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ දැනුම් දුන්නා.

රජය ගෙන ඇති තීරණයකට පටහැනිව මෙලෙස ජනතා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයෙක් සභාපතිවරුන්ගෙන් කරුණු දැක්වීමට නියෝග කිරීම ජනතා මුදල් සම්බන්ධයෙන් වගකීමක් ඇති නායකයකුගේ යුතුකමක් මෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ මෙම නියෝගය ජනතාවගේ ප්‍රසාදයට හේතු වී තිබෙනවා.

Exit mobile version