Site icon Newshub

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ජනපතිව හමුවෙයි

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට එක් වූ කැමරන් මහතා නව වසර සඳහා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version