Site icon Newshub

‍‍බලාපොරොත්තු දල්වලමින් සංචාරකයෝ පොකුරුපිටින් ලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර දෙසැම්බර් මාසයේ පමණක් හැත්තෑ දහසකට වැඩි සංචාරකයන් පිරිසක් රටට පැමිණෙමින් තිබේ.

මේ වසරේ රටට පැමිණි විදෙස් සංචාරකයින් පිරිස ලක්ෂ 07 සීමාව ඉක්මවා ගොස්  ඇති අතර මේ වසරේ (2022)  සංචාරකයින් ලක්ෂ 08 ක් පැමිණෙතැයි සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කර තිබුණි. 2018 වර්ෂය අවසාන වන විට ලක්ෂ 19 වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධයනයක් පෙන්නුම් කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේවසරේ දෙසැම්ර් 26 දින වන විට මෙරටට පැමිණි මුලු සංචාරකින් සීමාව 701331 කි. ඒයින් 49% ක් මුල් මාස හතර තුළ පැමිණ ඇති අතර ඒම සංඛ්‍යාව 348314 වේ.

මැයි සිට සැප්තැම්බර් මාසය අතර කාලය තුළ මාසිකව වාර්තා වී ඇත්තේ සංචාරකයින් 29 000 ත් 48 000 ත් අතර ප්‍රමාණයකි.

නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම වැඩිවී ඇති අතර  පුද්ගයින් 59 759 ක් ඒලෙස පැමිණ  තිබේ.  දෙසැම්බර් මාසයේ  26 දින දක්වා සංචාරක පැමිණීම 73 314 ක් දක්වා වර්ධනය වී ඇත.

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්

 

ඉන්දියාව – 119546

රුසියාව -86 990

එක්සත් රාජධානිය – 83818

ජර්මනිය –  54335

ප්‍රංශය – 35011

ඔස්ට්‍රේලියාව – 30020

කැනඩාව – 26343

අමරිකාව – 21662

මාලදිවයින – 17954

පෝලන්නතය – 15062

විදෙස් මාධ්‍ය වාර්තා

මේ වනවිට ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු රටක් බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත් විවිධ විදෙස් මාධ්‍ය විසින් ලිපි සහ වැඩසටහන් මගින්  සංචාරකයින් දැනුම්වත් කරනමින් සිටියි. ඒමෙන්ම ලබන 2023 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පිරිස තවදුරත් ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කර ඇත.

ඒමෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ ගුවන් සේවා රැසක් සිය නවතම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර මේ සතියේදී නව ගුවන්සේවා කිහිපයක්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. රුසියානු ජාතික ගුවන් සේවය වන රෙඩ් වින්ස් ගුවන් සේවාව අද(28දා) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. සතියකට දෙවරක් රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර ඉදිරියේ ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමටද නියමිතය. රුසියාවේ සිය සෘජුවම ලංකාවට පැමිණෙන තෙවන ගුවන් සේවය මෙය වේ.

 

රජයේ වැඩපිළිවෙළ

වැඩි වශයෙන් සංචාරකයින් රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල රැසක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර ඇති අතර සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම ක්‍රමවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒමෙන්ම සංචාරක ආකර්ශනය දිනාගන්නා ඩිස්නිලෑන්ඩ් වැනි Theme park ලංකාව තුළ ස්ථාපිත කිරීමට  Sentosa හැදූ ජපන් සමාගම සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

ඒමෙන්ම මෙරටට සංචාරක ආකාර්ශනය වැඩි ප්‍රදේශ වල සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම් වැඩිදියුණු කිරීමට ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ

මෙරට මාධ්‍ය

සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රමික දියුණුවක් පෙන්නුම්කරමින් තිබෙන අවස්ථාවේ සංචාරක ක්ෂේත්‍රය දිරිගැන්වීමේ කටයුතු මාධ්‍ය විසින් සිදුකළ යුතුව තිබුණද මෙරට ඇතැම් මාධ්‍ය සංචාරක කර්මාන්තය කඩා බිදදැමීමේ මාධ්‍ය මෙහෙයුම් වල නිතරව ඇත. ඒවැනි කටයුතු මගින් සිදුවන්නෙ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය අඩුවීම සහ වැරදි මත සමාජ ගතවිමය.

ඒවැනි විඩීයෝවක් පහතින්..

https://www.facebook.com/watch/?v=1280917705789649

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාව මෙරටට පැමිණෙන එකදු සංචාරකයෙක් හෝ රටට වටින අතර ඔවුන්ගෙන් රටට ඩොලර් ආදායමක් ලැබෙන බැවිනි. ඒබැවින් මාධ්‍ය විසින් සිදුකළ යුත්තේ ඒය ප්‍රවර්ධනය කිරීමකි.

 

Exit mobile version