Site icon Newshub

රට ගොඩගන්න දායක වන එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආණ්ඩුව කරන්න යන දේ

විදෙස්රටවල වෙසෙන මිලියන 03 ක පමණ ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි “ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලය” ජනාධිපති කාර්යාලයේ පිහිටුවීමටත්  එම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නියමිත අතර විදේශ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා විදේස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීමට නියමිත අතර මෙවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාව 2022 අතුරු අයවැය යෝජනා මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමට පරිත්‍යාග අවශ්‍ය බවට මහබැංකුව මීට පෙර නිවේදනය කළ අතර අතවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා මෙලෙස විදේශ විනිමය පරිත්‍යාග කරන ලෙස මහ බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව මහ බැංකුව මගින් පවත්වාගෙන යන ඔනෑම ගිණුමකට පරිත්‍යාග කිරීම් සිදුකළ හැක.

මුදල් වලින් කරන දේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලබන සියලුම විදේශ විනිමය පරිත්‍යාග, ඖෂධ , ඉන්ධන සහ ආහාර වැනි බෙහෙවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිතකිරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී තිබේ.

මුදල් වල විනිවිදභාවය

මෙලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය පිළිබඳ විනිවිදභාවය පවත්වාගෙන යාම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් තිදෙනෙක්ගෙන් සමන්විත ජේෂ්ඨ කමිටුවක් පත්කර ඇත. ලැබෙන සියලුම විදේශ විනිමය පිළිබඳ මුල්‍ය ප්‍රකාශය මෙම කමිටුව විසින් සෑම මසකම ශ්‍රී ලංකා මහබැංකුවේ නිල වෙබ් අඩවිය වන   https://www.cbsl.gov.lk හි පළකරනු ලබයි. එමෙන්ම මෙම මුදල් ගණුදෙනු ස්වාධීන විගණනයකට යටත් කරනු අතර සති දෙකකට වරක් යාවත්කාලීන කළ ගිණුම් පරිත්‍යාග පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කිරීමට ද මහබැංකුව බැදී සිටියි.

.ගිණුම් පිළිබඳ වැඩි විස්තර

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/notices/AccountsDetails_si.pdf

විගණන වාර්තාව

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/notices/donations_summary_20221214.pdf

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/notices/AuditReport-20220630.pdf

Exit mobile version