Site icon Newshub

සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාවගේ (LGBTQ) අයිතිවාසිම් ආරක්ෂා කරන්න නීති ගේනවා

කාන්තාවන් සේම සමාජය තුළ දැඩි හිංසනයකට ලක්වන සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාවගේ (LGBTQ) අයිතිවාසිම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති ගෙන ඒමට පාර්ලිමේන්තුව බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සංවාදයකදී අමාත්‍යවරිය මේබව සඳහන්කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය,

“අපි කොච්චර කාන්තා අයිතීන් දිනාගෙන තියෙනවා කියලා කිව්වත් අදටත් අපේ රට ඇතුළු ලෝකයේ බොහෝ තැන්වලදී කාන්තාව වෙනස්කොට සැලකීමට භාජනය වෙනවා. ඒවගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ තිබෙන සමානත්වය අතපසුවීම් සිදුවෙනවා. මේ නිසා කාන්තාවෝ කිසියම් මානසික පීඩනයකට ලක්වෙනවා.

ඒවගේම කාන්තාවන් ගෘහස්ත හිංසනයට ලක්වෙනවා. ඒක කාටවත් කියාගන්න බැහැ. පොලීසියකට යන්න බැහැ. යාලුවෙකුට හිතවතෙකුට කියන්න බැහැ. ගෙදර ඇතුලේ හිංසනයකට ලක්වෙන අවස්ථා තිබෙනවා. නමුත් මොනවාහරි හේතු ඉදිරියට දාගෙන අපේ රටේ කාන්තාවෝ එක දාරාගෙන ඉන්න පුරුදුවෙලා තියෙනවා. ඒ විදිහටත් දුක් විදිනවා.

ඒවගේම සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාව (LGBTQ) ලිංගික හිංසනයකටත් වඩා වැඩි දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. ඔවුන්ට සමාජයේ තැනැක් නැහැ. ජීව විද්‍යාත්මකව උපතින්ම ඇතිවුන යම්කිසි සිදුවීමක් නිසා එයාට මේ අයිතිවාසිකම් නැතිවෙන්න විදිහක් නැහැ. එහෙමනම් මේ මානව හිමිකම් කොහෙද තියෙන්නේ.

ඒවගේම වැඩකරන ස්ථානයේ කාන්තාව හිංසනයට ලක්වෙනවා. මේ නිසා සංක්‍රාන්තික ලිංගිකයින් සම්බන්ධයෙන් ඔවුන්ට වන හිංසනයට එරෙහි නීති ගේන්න කියලා අපි පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. ඔවුන්ගේ අයිතීන් රැකලා දෙන්න කියන කතාබහ අපි මේවනවිට කතාරගෙන යනවා. ඒවගේම ශෘහස්ත හිංසනය අවම කිරීම සම්බන්ධයෙනුත් අපි වැඩපිළීවෙලත් සකස් කරගෙන යනවා. මේ කටයුත්ත මන්ත්‍රීවරියන්ට පමණක් අයිති දෙයක් නෙවෙයි. අපිට විතරක් මේක කරන්න බැහැ. මේ හිංසනයට ලක්වෙන ඔනෙම ප්‍රජාවක් වෙනුනේ ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් තියෙනවා කියන දේ තහවුරු කරන්න අපි හැමෝම කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා”” යැයි පැවසුවාය.

Exit mobile version