Site icon Newshub

පාසල් අවට හදිසි සෝදිසි මෙහෙයුම්

පාසල් ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළගොස් ඇති බැවින් පාසල් සහ ඒ අවට හදිසි සෝදිසි මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකිරීමට සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි මෙහෙයුම් සිදුකිරීමට මෙන්න පාසල් ළමුන් පරීක්ෂාකිරීමේ කටයුතු මේ දිනවල පොලිසිය විසින් සිදුකරමින් සිටියි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය තීරණය කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය විශේෂ කාර්ය බලකායට ලබාදිමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබු අතර විශේෂ කාර්ය බලකාය ද එම මෙහෙයුම් ආරම්භකිරීමට සුදානමින් සිටින  බව වාර්තා වේ.

Exit mobile version