Site icon Newshub

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි

මේ මස මුල් දින 07 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,168 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු  මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 106,500 කි.

ප්‍රධාන වශයෙන් රටවල් 20ක සංචාරකයින් මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති අතර ඉන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වේ. එම සංඛ්‍යාව 108,510 කි.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතියින් 78,827 දෙනෙකු, රුසියානු ජාතිකයින් 74,713 දෙනෙකු ද  මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

Exit mobile version