Site icon Newshub

පරණ තැන සිරවී සිටීමෙන් වැඩක් නෑ – ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතුයි – ජනපති

ප්‍රථිපල එන්නේ නැත්නම් පරණ තැන​​ සිරවී සිටීමෙන් වැඩක් නැති බවත් ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජපන් – ශ්‍රී ලංකා සබඳතා සඳහා වසර 70ක කාලයක් පිරීමත් ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“අද වියට්නාමයට ඩොලර් බිලියන 25ක විදේශ ආයෝජන ලැබී තිබෙනවා. ඒ අයට මග පෙන්වපු මග පෙන්වපු ලංකාවට ලැබී තිබෙන්නේ ඩොලර් බිලියන එකයි.

අපි වියට්නාමය වගේ දියුණු වුණානම් මීට වඩා ජීවන තත්ත්වයක් අපිට ලැබෙන්න තිබුණා. අපි යුද්ධයෙන් පස්සේ ආර්ථිකය දියුණු කළේ නෑ.

ඒ විදිහටම ගියා. ඒ තත්ත්වයෙන් අපි අද බංකොලොත් කියන රටක් බවට පත්වෙලා.

ණය උගෙලෙන් බේරිලා මදි ඒවා ගෙවන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරමු. වියට්නාම ආර්ථිකයයි අපේ ආර්ථිකය බලමු.

වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගෙයි. අපේ ආර්ථිකය තාම ත්‍ර්‍රි රෝද රථයක් වගෙයි.

ණය උගුලෙන් බේරෙන්න අලුත් ආර්ථිකයක් හදන්න ඕන. අලුත් ආකල්ප ඇති කර ගන්න ඕන. ප්‍රථිපල එන්නේ නැත්නම් පරණ තැන හිරවෙලා වැඩක් නෑ.”

Exit mobile version