Site icon Newshub

මෙසී පාපන්දු පිටියට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව ඔහු විසින් නිවේදනයේ කර ඇත. එළඹෙන 18 වැනිදා පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟය තමා ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කරන අවසන් තරඟය වනු ඇතැයි ඔහු පවසා තිබේ.

ඊළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.

ලයනල් මෙසී ලෝක කුසලාන තරඟ 25 කදී ගෝල 11 ක් ලබා ගනිමින් ඉතිහාස පොතටද එක්ව තිබේ.

Exit mobile version