Site icon Newshub

නීතිපති දෙපාර්තුමේන්තුව දේශබන්දු ගැන කළ දැනුම්දීම

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරු ලෙස ඔහුව නම් කර තිබීම හේතුවෙන් එම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් එම අවස්ථාවේදී තමා පෙනී සිටීමක් නොකරන බවය.

Exit mobile version