Site icon Newshub

සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න අධිකරණය නීතිපතිට දින දෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 13 දක්වා කල් ලබාදී තිබෙනවා.

ඒ ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු මොහුට විරුද්ධව එම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

Exit mobile version