Site icon Newshub

රටේ අනාගතය හදන්න ඔනේ තරුණ තරුණියන්ට අවශ්‍ය විදිහට

රටේ අනාගතය නිර්මාණය විය යුත්තේ තරුණ තරුණියන්ට අවශ්‍ය ආකාරයට බවත් වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත්  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමිනි.

දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනපති,

ඔබේ ප්‍රදර්ශනයේ සියලුම අංගයන් මා නැරඹුවා. ඒ අතුරින් ඉතා සිත්ගන්නා දෙයක් මට හමුවුණා. මෙය ආනන්ද විද්‍යාලයේ කුටියෙන් මට හමුවුණේ. ඔවුන් මට පැවසුවේ මෙය ලිවීමට මෙන්ම වගා කිරීම සඳහාත් යොදාගත හැකි බවයි. මම පළමුව සිතා බැලුවා මෙය ලිවීමට හැකියාවක් පවතීද යන්න සොයා බලන්න. ඔව් ඉන් ලියන්න පුළුවන්. එය වැඩකරනවා. මම පළමුව සුබ පැතිය යුතුයි ඔබගේ නිර්මාණය සඳහා. දෙවනුව අප පරිසර හිතකාමී දේවල් ප්‍රචලිත කරන නිසා මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට පැවසුවා ජනාධිපති කාර්යාලය සඳහා මෙම නිෂ්පාදනයෙන් තොගයක් මිලදී ගන්නා ලෙසට. අපි මේ රටේ තාරුණ්‍යයට අනාගතයක් සලසාදිය යුතුයි. ඒ වගේම අප නිදහස ලබාදිය යුතුයි ඉදිරියට ගොස් අපි සිදුකළ යුත්තේ කුමක්ද කියා පවසන්න. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජපානය ළඟට දෙවැනියට සාර්ථක රටක් ලෙස ගමන් ආරම්භ කළ අපේ රට දැන් ඉන්නේ ඇෆ්ගනිස්තානයට උඩින්. බොහෝමයක් තරුණයින් ඡන්දය ලබාදී රටින් පිටව යනවා. නමුත් මම සිතනවා මගේ දැක්ම අනුව මේ රට නැවත හැරවිය හැකි බව. දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා වැඩපිළිවෙළක් අප ලබන වසරේ දියත් කරනවා. මම ඒ සඳහා වන කාර්යාලයක් දැනටමත් පිහිටුවා අවසන්. අප තීරණය කර තිබෙනවා විවෘතව අදහස් පළකිරීමට වගේම අර්ථාන්විත ක්‍රියාවන් දියත් කිරීමට. ඒවගේම මේරටේ  තරුණ තරුණියන්ට මේ සිස්ටම් එක එපා වෙලා තියෙන්නේ.  මම එයාලට දොස් කියන්නේ නැහැ. මමත් දේශපාලඥයෙක්.  දේශපාලඥයින් ඒ මොහොතට පොරොන්දු ලබාදම විතරයි කළේ. කවුරුත් අනාගතය දිහාබැලුවේ නැහැ. අපි පොරොන්දු දෙනවා බලයට එනවා. වෙන කිසිදෙයක් කළේ නැහැ. මේ සිට්ටම් එකෙන් කිසිදෙයක් වෙන්නේ නැතිකොට තරුණ තරුණයින් එය ප්‍රතික්ශේප කළා. තරුණ ප්‍රජාව අසාධාරණයි කියලා හිතන සිස්ටම් එකක් පවත්වාගෙන යන්න බැහැ. රටේ අනාගතය හදන්න ඔනේ ඔබලාට හරියන විදිහට මිස මට ඔනේ විදිහට නෙවෙයි“යැයි සඳහන් කළේය.

Exit mobile version