Site icon Newshub

“ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ් නිසා අනාගතය හොඳ වෙනවා” – ජනපති

විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒසේ නොවන්නේ නම් මුදල් මුද්‍රණය කිරීමට හෝ වැට් වැඩි කිරීමට සිදුවනු ඇති බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා

“අපි අගෝස්තු මාසයේදී විදුලි බිල වැඩි කළා.ඒක මදි. රුපියල් බිලියන 151ක අලාභයක් ලැබෙන්න තිබෙනවා. 2013 ඉදලා අපේ සම්පූර්ණ අලාභය බිලියන 300යි. අපිට බිලියන 300ක් හොයන්න තියෙනවා.

ලබන වසරේදී නියගයක් තිබෙනවා. නියගය තිබුණොත් අපිට රුපියල් බිලියන 420ක් අවශ්‍යයි. වර්ෂාපතනය ලැබුණොත් බිලියන 352ක් අවශ්‍යයි. වැඩි වර්ෂාව ලැබුණොත් බිලියන 295ක් අවශ්‍යයි.

අපි මේවා කොහොමද හොයා ගන්නේ. ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා.

තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි.

අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය. අලාභය නිසා පිටින් ආධාර ගන්න බෑ. අපි අකමැත්තෙන් හරි මේක කරන්න වෙනවා.

ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ් නිසා අනාගතය හොඳ වෙනවා. 2013 ඉදලා විදුලි බිල වැඩි කළේ නෑ. හැමෝම වග කියන්න වෙනවා.”

Exit mobile version