Site icon Newshub

විදුලියට බෝනස් දෙන්නෙත් නෑ – බිල වැඩි කරන්න දෙන්නෙත් නෑ

විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ලිපියකින් දැනුම් දී තිබෙනවා.

පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බව ඒ මහතා එමඟින් පෙන්වා දෙනවා.

මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන්වැනි පාර්ශවයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව කී සභාපතිවරයා විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තෙක් කිසිවෙක් එවැනි ඉල්ලීමක් නොකළ බවත් එවැන්නක් කළ බවට කියන ප්‍රකාශ අසත්‍ය බව ද සඳහන් කළේය.

විෂය භාර අමාත්‍යවරයා පැය හත අටක් විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බවත් ඒවගේ දෙයකට මහජන උපයෝගිතා කොමිසම කිසි දිනක නොදෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

Exit mobile version