Site icon Newshub

පාසල් විෂය මාලාවට කෘත්‍රීම බුද්ධිය (AI) එක් කෙරේ

ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, මීට පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වාදීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිටම කෘත්‍රිම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තවත් වසර 05කදී ඉතා දුෂ්කර වනු ඇති බවත්ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොරව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිතව තවමත් අප පවත්වාගෙන යන්නේ යල්පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version