Site icon Newshub

ජාත්‍යන්තර විශ්විවද්‍යාල ශාඛා මෙරට පිහිටුවන්න කමිටුවක්

ජාත්‍යන්තර විශ්විවද්‍යාලවල ශාඛා මෙරට තුළ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්

පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් සමන්විත වන අයුරින් මෙම කමිටුව පත්කර කෙටිකාලීනව පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන ලෙස ජනපතිවරයා උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Exit mobile version