Site icon Newshub

“මේවායින් ලැබුණු වන්දි කෝ?”

ලංකා මුහුදු සීමාවේදී “MT නිව් ඩයමන්” නෞකාව 2020 වසරේ විනාශ වී පරිසරයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 3440 ක් වන්දි ඉල්ලුවත් වන්දි ගෙවා තියෙන්නේ මිලියන 12ක් පමණක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා සිදු වූ අලාභය මිලියන දාහතර දාහක් බවට තක්සේරු කළ ද ලැබුණේ මිලියන 7.8 ක් පමණක් බව කී අත්තනායක මහතා තවමත් මේ නෞකාව වරාය ආසන්නේ ජාත්‍යන්තර මුහුදේ ගිලී නාවික කටයුතු වලටත් බාධා වෙමින් තිබෙන අතර එය ඉවත් කිරීමක්වත් කර නැතැයි පැවසීය .

“මේවායින් ලැබුණු වන්දි කෝ! වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වරූපයක් තිබෙනවා .මේවට කමිටු සාකච්ඡා වාර්තා විශාල සංඛ්‍යාවක් හැදුවත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගෙන නැහැ”යනුවෙන්ද තිස්ස අත්තනායක මහතා කියා සිටියා.

Exit mobile version