Site icon Newshub

මහින්දානන්ද රනිල්ගේ ගුණ වයයි

රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ, නාවලපිටිය – වැලිගම්පොළ ප්‍රදේශයේ දී රටේ පවතින වත්මන් තත්ත්වය පිලිබදව ජනතාව දැනුවත් කිරිම සදහා (04) දින පැවති ජන හමුවකදියි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා විමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරිමට හෝ එම පක්ෂයේ සමාජිකත්වය ඉහළ දැමීමට කටයුතු නොකර රටේ ආර්ථික තත්ත්වය ඉහළ දැමිමට පියවර ගනිමින් සිටින බවයි.

එසේ ම රටේ පැවති ගෑස් සහ ඉන්ධන පොලිම් නැති කළ බවත්, ඉදිරි වසර 2 ½ තුළ රටේ පවතින ආර්ථික තත්ත්වය ඉහළ දැමිමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා.

Exit mobile version