Site icon Newshub

ව්‍යාපාරික අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න

රටේ මුල්‍ය ගණුදෙනු සහ ව්‍යාපාරික අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(05දා) පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අපනයන හරහා මෙරට ලැබිය යුතු ඇමරිකන් ඩොලර් බිලියන 53 ක මුදලක් මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් රටට ගෙනැවිත් නොමැති බවය. රටේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කරන මෙවැනි පුද්ගලයින් පිළිබඳව හෙලිදරව් කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මේ පිළිබඳ නිරන්තරයෙක් කතාකරමින් සිටිනවාට වඩා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වැදගත් බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.   

Exit mobile version