Site icon Newshub

CHINA GO HOME කියන්න මම නායකත්වය දෙනවා – රාසමානික්කම්

CHINA GO HOME කියන තැනට ශ්‍රී ලාංකීය ජනතාව තල්ලු නොකරන ලෙසත් එසේ වුවහොත් තමන් ඒ සඳහා නායකත්වය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමනික්කම් පවසනවා.

අද (02) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවට සැබෑ ලෙස උදව් කිරීමට අවශ්‍යතාවක් චීනයට ඇත්නම් ඔවුන් කල යුත්තේ ඩීසල් නැව්, හාල් නැව් වැනි ආධාර ලබාදීම වෙනුවට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉඩ ලදින හෝ ලබා දී ඇති ණය කපහැරිම බව ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම තමන් පාර්ලිමේන්තුවේදී දක්වන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දිගින් දිගටම ප්‍රතිචාර දක්වමින් සිටීමට හේතුව කුමක්ද යන්න විමසා සිටින ඒ මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකුට අදහස් දැක්වීමේ අයිතියට කරන බලපෑමක් ලෙස එය දකින බව කියා සිටියා.

තමන් කතා කරන්නේ මිලියන 22ක ජනතාව වෙනුවෙන් බවත් එයට බලපෑම් කිරීමට චීන රජයට නොහැකි බවත් එලෙස වුවහොත් රට තුළ ජාති ආගම් පක්ෂ ලෙස බෙදී සිටි ජනතාව GOTA GO HOME සංකල්පය යටතේ එකතු වූ ලෙසම CHINA GO HOME ලෙසද එකතු විය හැකි බවත් තමන් එයට නායකත්වය ලබා දෙන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා

Exit mobile version