තමන් අමාත්‍යවරයාට ගරු නොකරන බවත් විදුලි බල පනතට ගරු කරන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඊයේ (01) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා.”