Site icon Newshub

රට බංකොළොත් වුණේ පාර්ලිමේන්තුව වගකීම ඉටු නොකළ නිසා

රාජ්‍ය මුල්‍ය කළමණාකරණය ගැන වගකීම පාර්ලිමේන්තුවට ඉටුකිරීමට නොහැකි වුන නිසා රට බංකොලොත් වු බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. ඊට අමතරව මුදල් අමාත්‍යාංශය , සහ එහි නිලධාරීන් , මහ බැංකුව මුල්‍ය මණ්ඩලය සහ එහි නිලධාරීන්ද මේ සඳහා වගකිව යුතු යැයිද අමාත්‍යවරයා අද (28දා) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යවරයා මෙසේද් කීවේය,

‘සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුව , පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව , විනිමය අනුපාත තීරණය කරන්නේ මහ බැංකුව , විදේශ සංචිත පාලනය කරන්නේ ආනයනය අපනයන පාලනය කරන්නේ මහ බැංකුව.  ඒ උනාට රට බංකොලෙත් උනාම ගෙවල් ගිනි තියන්නේ අපේ . ඒක සාධාරණ ද” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version