Site icon Newshub

‘අද තරුණයන්ට පණ නෑ – සන්නද්ධ පුහුණුව දෙන්න’ – රතන හිමි

අවුරුදු 18 දී හෝ 20දී හෝ අතර කාලයේදී මුළු ජාතියටම සන්නද්ධ හමුදා පුහුණුව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතරලියේ රතන හිමියෝ පැවැසූහ.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

“අද ජාතියේ විනය පිරිහිලා තියෙනවා. අද තරුණයන්ගේ කිසිම පෞරෂයක් නෑ. ජාතියක් වශයෙන් බෙලහීන වෙලා. අඩි 10ක වතුර තියෙන ගඟකට පැන්නොත් ඌ මැරෙනවා. මූදේ නාන්න යන්න බෑ. පොල්ගහකට නැග ගන්න බෑ.

කිසිම වීර්යයක් නැති අධිෂ්ඨානයක් නැති දුර්වල ජාතියක් බවට අද අපේ රට පත්වෙලා තියෙනවා. අපිට 350000ක පාසල් ළමුන් ඉන්නවා. අපිට සන්නද්ධ පුහුණුව ලබා දෙන්න පුළුවන්. එක අවස්ථාවක අපි සරසවි සිසුන් ඒ වෙනුවෙන් යොමු කළා.

අවුරුදු 18 දී හෝ 20 දී අතර කාලය තුළ අවුරුද්දකට හෝ මාස 6කට මේ රටේ මුළු ජාතියම සන්නද්ධ හමුදා පුහුනුවකට යොමු කරන්න. ඒක රටට බලහත්කාරකමක් නෙමෙයි. කැදෙව්වොත් හමුදාවට යන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 28ක් තියෙනවා.”

Exit mobile version