Site icon Newshub

ගල් අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් වඩා කාර්යක්ෂම වේවි – කාංචන

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි වේලාවට ලබාගැනීම අපොහොසත් වී ඇති බවත් ඇතැම්විය අඩුම මිලට ගැනීමටද නොහැකි බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගල්අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවයා මේබව පැවසු අතර ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට ලබාදුන්නහොත් මීටවඩා කාර්යක්ෂමව අඩු මුදලට ගල්අගුරු ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යරයා කීවේය,

“විගණකාධිපතිට යටත් කරලා තියෙන රජයේ ප්‍රසම්පාදනය තමයි තිබෙන ලොකුම හොරකම. ඒකට ඉදිරිපත්කරලා තියෙන මාර්ගෝපදේශ පත්‍රිකා හදලා තියෙන්නේ සැපයුම්කරුවො දෙන්නෙක් තුන්දෙනෙක්ට එන්න පුළුවන් විදිහට විතරයි. අනිත් අයට ඉල්ලුම්කරන්නවත් බැහැ.  ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් ඒක අපි කරනවාට වඩා ඉක්මනට අඩුවෙන් කරන්න පුළුවන්. බඩුටිකත්ඉක්මණින් ගෙන්න පුළුවන්. හැබැයි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිව්වාම නිලධාරීනුත් අපහසුතාවයට පත්වෙනවා. අවම මිල ගණන්වලටත් වඩා වැඩියෙන් තමයි ගන්න වෙන්නේ.

ඒ වගේම විදුලිය සම්බන්ධ ප්‍රශ්නයක අපි ඉන්නේ. ඒ නිසා ගාස්තු අඩුකරන්න හෝ විදුලිය නොමිලයේ  දෙන්න බැහැ. මොකද දැන් තියෙන්නේ අපිට මුදල් නැති නිසා අවශ්‍ය ඉන්ධන ගන්න බැරි ප්‍රශ්නයක්. මේ නිසා රජයේ ගොඩනැගිල වලට ආගමික සිද්ධස්ථාන සහ තෝරාගත් ගොඩනැගිලි වලට සුරියපැනල  ලබාදීමට අපි කටයුතු කරනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version