දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.
මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව නිවාස අධිකාරියේ සභාපති ධුරයටද පත්කිරීමට එවකට ජනපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතුකරනු ලැබුවා.
උර්දු ප්රනාන්දු, යසන්ත කෝදාගොඩ යන ශ්රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.