Site icon Newshub

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නෑ – පැවිද්දන් කරන්න ඕන පැවිද්දේ වැඩ – ජනපති

පැවිදි පුද්ගලයන් පැවැදි දිවියේ වැඩකටයුතු කළ යුතු බවත් විශ්වවිද්‍යාල වල සිටිය හැක්කේ වැඩිපුර එක අවුරුද්දක් පමණක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“මේ සෙල්ලම නවත්වන්න ඕන. පැවිදි පුද්ගලයන් මේවට දාලා රටේ කලබල ඇති කරන එක. පැවිද්දන්ට පැවිද්දේ වැඩකටයුතු කරන්න කියන්න. අපේ සංඝයාවහන්සේලාට. මෙහෙම ගෙනල්ල කොහොමද කරන්නේ. මම නම් ඉඩ දෙන්න කැමති නෑ.

ගිහි අය කරන එක කමක් නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නෑ. මේවා ගැන. මුදලිගේ අවුරුදු අවුරුදු 8ක්ද 9ක් විශ්වවිද්‍යාලයේ. මම විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21දී. එයාට 31යි එයා ඉන්නවා.

වැඩිපුර ඒක අවුරුද්දක් දෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ යන්න වෙනවා. මටත් ඕන මානව හිමිකම් ආරක්ෂා කරන්න. අරාජිකත්වයත් ප්‍රචණ්ඩත්වයත් මානව හිමිකම්වලට ඇතුළත් වෙන්නේ නෑ. ඒ්ක මානව හිමිකම් වලට සම්පූරණයෙන් විරුද්ධයි. මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත් ආරාජිකත්වයත් ඇති කරන්න බෑ.”

Exit mobile version