Site icon Newshub

පෘතුගාලය 2022 ලෝක කුසලානයට තරඟයක්වත් ක්‍රීඩා කිරීමට පෙර රොනාල්ඩෝ ගත් හදිසි තීරණය

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වත්මන් ක්‍රීඩා සමාජය වන එංගලන්ත මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් වහාම ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයට සහභාගි වී සිටින පෘතුගාල කණ්ඩායම මෙතෙක් කිසිදු තරගයකට සහභාගි වී නොමැති අතර තිබියදී රොනාල්ඩෝ විසින් මෙලෙස තීරණයක් ගැනීම ලෝක පාපන්දුව විමතියට පත්කිරිමට හේතුවී ඇත.

මෙය රොනාල්ඩෝ හා මැන්චෙස්ටර් පාලනාධිකාරිය යන පාර්ශවයන් දෙකේම එකඟතාව මත සිදුවූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේදී රොනාල්ඩෝ විදෙස් රූපවාහිනී නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වී මැන්චෙස්ටර් කණ්ඩායමේ වත්මන් පාලනාධිකාරිය හා එහි වත්මන් පුහුණූකරු දෝෂ දර්ශණයට ලක්කළ අතර රොනාල්ඩෝ හා මැන්චෙස්ටර් කණ්ඩායම අතර එකඟත්වය පළුඳුවීමට මෙය හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version