Home අද මෙරට ඉන්ධන මෙහෙයුම් ඇරඹීමට ‘සිනොපෙක්’ සුදානම්

මෙරට ඉන්ධන මෙහෙයුම් ඇරඹීමට ‘සිනොපෙක්’ සුදානම්

5700
0

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කරනු කර තිබේ.

එහිදී මැයි මස මැද වන විට ගිවිසුම් ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මෙම සාකච්ඡාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද සහභාගි වී සිටියේය.

Previous articleලංකාවට දැන් තිබෙන්නේ සාර්ථක කතාවක්
Next articleසමාජ මාධ්‍ය මම හොරෙක් කියලා මඩ ගහනවා – ගොඩහේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here