Home අද මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් රුසියා – ඉන්දීය ඒකාබද්ධ සමාගමකට

මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් රුසියා – ඉන්දීය ඒකාබද්ධ සමාගමකට

1253
0

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියානු – ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණවලට එළඹ නොමැති බවයි.

පසුගිය දිනවලදී මෙයට අදාළ අභිලාෂ කැදවීම් කළ බවත්, එහිදී මෙරටට වාසි සහගත ලංසුව ඉදිරිපත් කර තිබූ මෙම සමාගම සමග ඉදිරි කටයුතු සිදු කිරීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

එම මෙහෙයුම් පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා කීවේය.

Previous articleCOP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි
Next articleවිපක්ෂ නායක ඉල්ලා අස්වෙනවාද? – මහින්දානන්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here