Home අද IMF දෙවන වාරිකය අනුමතයි

IMF දෙවන වාරිකය අනුමතයි

3166
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ(12) ලබා දුන්නේය.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කර ගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අරමුදලේ නිලධාරීන් සිදු කළ පළමු සමාලෝචනය ඊයේ(12) විධායක කමිටුවට ඉදිරිපත් විය.
එහිදී ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් විධායක කමිටුව ප්‍රකාශ කළේය.

Previous articleEarthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි
Next articleදැන් අපි බංකොලොත් බවින් නිදහස් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here