Home අද පුදුම හිතෙන රජයේ රෝහලක්

පුදුම හිතෙන රජයේ රෝහලක්

507
0

ශ්‍රී ලංකාවේ රෝහල් කාර්ය මණ්ඩලය තුළ විවිධ ස්ථර කිහිපයක් ඇති අතර බොහෝ විට අසන්නට ලැබෙන්නේ මෙම ස්ථර අතර විවිධාකාරයේ අර්බුධ හෝ ගැටුම් පමණකි. මෙම සියලු ස්ථර නිදහස් සෞඛ්‍ය සේවයේ කොටසක් බවත් සියල්ලෝම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවටත් සිතන පුද්ගලයෝ සිටින්නේ අඩු වශයෙනි. එවන් පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තාවිය.

බස්නාහිර පළාත් සුවසෙස් අභිමානී තරගයෙන් ජයග්‍රහණය කළේ මතුගම කටුගහහේන ප්‍රාදේශය රෝහලයි . ඒ සඳහා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විශිෂ්ට දායකත්වයක් ලබාදී තිබු බැවින් රෝහල් සුබසාධක සංගමය කණිෂ්ඨ සේවකයින් වෙනුවෙන් විනෝද චාරිකාවක් සංවිධානය කර තිබුණි.

මෙම විනෝද චාරිකාවට සියලු කණිෂ්ට සේවකයින් සහභාගී වීම අනිවාර්ය කර තිබු අතර එම දිනයේ රෝහලේ එමසේවකයින්ගේ කාර්යන් සියල්ල වෛද සහ හෙද කාර්ය මණ්ඩලය සිදුකිරීමට භාරගෙන තිබුණේ කැමැත්නේමය. එමෙන්ම එදින අදාළ සියලු කටයුතු වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩලය විසින් නොපිරිහෙලා ඉටුකර තිබු අතර මෙරට තුළ අසන්නට නොලැබෙන මෙවැනි සහයෝගයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයටද හිතකර වේ.

මේ සම්බන්ධයෙන් රෝහල් ප්‍රධානී වෛද්‍ය වෛද්‍ය රංජිත් දිසානායක මහතා පැවසුයේ මෙවැන්නකි,

“ අද දිනයේ විශේෂත්වය වෙන්නේ  සියලුම වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය තමයි රෝහලේ සියලුම වැඩ කටයුතු කරන්නේ. උදේ ඉදලා සියලුම සනීපාරක්ෂක කටයුතු ගිලන්රථ පැදවීම බෙහෙත් නිකුත් කිරීම ආදී සියලු කටයුතු සිදුකළා. කණිෂ්ට කාර්ය මණ්ඩලය සිදුකරන දහසකුත් දේ පිළිබඳව ජේෂ්ඨ කාර්යමණ්ඩලයට සහකම්පනාත්මක අත්දැනීමක් ලබාදීමයි අපි මෙවැනි දේ කරන්නේ. යැයි පැවසීය.

සැබැවින්ම මෙවැනි සහයෝගයක් රොහලේ පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේද රටේද ඉදිරිගමනට මනා පිටිවහලක් වේ.

මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනය පලකළ වාර්තාව පහතින්….

Previous articleලංකාවේ ණය කපා හරින්න – ලෝකෙම ආර්ථික විද්වතුන් 180 ක් ‌ලංකාව වෙනුවෙන් ලෝකයෙන් ඉ
Next articleසජිත්ගේ කලිසම ගලවමින් අනුර කළ අභියෝගය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here