Home අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසකට අයවැයෙන් යෝජනා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසකට අයවැයෙන් යෝජනා

2186
0

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට සහ එම ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම යන ආයතන පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් අද යෝජනා කළේය. ඒ අනුව

 

උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව උදාකර දීමට පියවර ගැනීම.

 

සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාල ආයතනය, කළමනාකරණ තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය ලෙස නව විශ්වවිද්‍යාල 04ක් පිහිටුවීම.

 

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා වන නීති රිති සම්මත කිරීම

 

අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කර ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 01ක් වෙන් කෙරේ.

 

ඉන්දියාවේ චෙන්නෙයි පිහිටි IIT විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම.

 

රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර, එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරේ. ඒ සඳහා 2024 සඳහා රුපියල් මිලියන 500ක  ප්‍රතිපාදන වෙන් කෙරේ.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාංශය ජාතික ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යායතනය ලෙස උසස් කෙරේ. ඒ සඳහා 2024ට රුපියල් මිලියන 40ක් වෙන් කෙරේ.

 

ලොව පිළිගත් ඕනෑම අධ්‍යාපන ආයතනයකට මෙරට විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර ලබාදෙන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා ප්‍රබල නීති රීති මාලාවක් සම්මත කර ගැනීමට කටයුතු කිරීම.

 

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට ලබාදෙන පොළී රහිත ණය පහසුකම අඛණ්ඩව ලබාදෙන අතර වාණිජ බැංකු හරහා ද සහනදායී ශිෂ්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම.

 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිෂම ස්ථාපිත කිරීම.

 

වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් ආදී ආයතන ඒකාබද්ධ කර ජාතික නිපුණතා කොමිෂම පිහිටුවීම.

 

මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මකවන වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා වෙත පැවරෙන අතර නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම සහ නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවීම

 

තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදන කරන අතර ඒ සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව 2024 සඳහා රුපියල් මිලියන 450ක් කිරීම

 

තොරතුරු තාක්ෂණයට සම්බන්ධ පුද්ගලික ආයතන සමඟ එක් වී රැකියා අපේක්ෂිත උපාධිධාරින් හට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කිරීම.

 

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව පුළුල් කිරී සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන අතර එම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට ද යෝජනා කළේය.

Previous articleබස්නාහිරට නුදුරේදීම විදුලි බස්රථ සේවයක්
Next articleචීනයේ සහ ජපානයේ සහායෙන් මධ්‍යම අධිවේගයේ වැඩ නුදුරේදීම ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here