Home අද නාමල් විපක්ෂ නායකකම අතට ගනියි : සජිත්ගේ මන්ත්‍රීවරුන් සමඟ ජනහමු පවත්වයි !

නාමල් විපක්ෂ නායකකම අතට ගනියි : සජිත්ගේ මන්ත්‍රීවරුන් සමඟ ජනහමු පවත්වයි !

477
0

ලෝක ප්‍රකට සර්ෆින් ගමනාන්තයක් වන වැලිගම, අනවසර ඉදිකිරීම් ලෙස දක්වමින් ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් කිසිදු කරන සැලැස්මක් නොමැති කඩා ඉවත්කිරීම් හමුවේ දුෂ්කරතාවට මුහුණදී සිටින ජනතාව සම්බන්ධව සොයා බැලීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් කටයුතු කර තිබේ.

May be an image of 14 people and table

ඒ සම්බන්ධව සිය x ගිනුමේ සටහනක් තබමින් මන්ත‍්‍රීවරයා පවසන්නේ සැළැස්මකින් තොර මෙකී කඩා ඉවත්කිරීමේ කටයුතු හමුවේ වැලිගම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සහ ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපායන්ට සැලකිය යුතු තර්ජනයකට මුහුණ දී ඇති බවයි.

වඩාත් විශේෂ සිදුවීමක් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති ද සහභාගීව තිබේ.

May be an image of 4 people and text

එසේම සමගි ජනබලවේගය පක්ෂයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම x සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ මෙම මැදිහත්වීම අගය කර ඇති අතර , නොවළැක්විය හැකි කටයුත්තක් හේතුවෙන් එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකිවූ බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ජනතාව බරපතල දුෂ්කරතාවට පත්කරමින් සිදුකෙරෙන මේ ක්‍රියාව සම්බන්ධව සිය x සටහන තබමින් කනස්සල්ල පළකර ඇති නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා , එම ජනතාව සම්බන්ධව සොයා බැලීම වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ඉදිරිපත් වූ අදාළ දේශපාලනඥයින් ද අගය කර තිබේ.

එසේම මෙවැනි ක්‍රියා මගින් සංචාරක ව්‍යාපාරයට, සර්ෆින් කර්මාන්තයට සහ ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපායන්ට දැඩි හානියක් සිදුවනු ඇති බවටද මන්ත‍්‍රීවරයා අනතුරු අඟවා තිබේ.

මෙම අවස්ථාව සඳහා හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන , හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව තිබේ.

Previous articleජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කමිටුවෙන් කර්තෘ සංසදය ඉවත් වෙයි !
Next articleසාරංගිකාගේ රහස් ජන්දයට එරෙහි පෙත්සමට : අභියාචනාධීකරණයෙන් නියෝගයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here