Home විදේශීය ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයින්ට ඉරානයෙන් පිටවන ලෙස නියෝග

ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයින්ට ඉරානයෙන් පිටවන ලෙස නියෝග

36
0

ඉරානය තුළ රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට රටින් පිටවන්නැයි ඉරාන බලධාරීන් නියෝග කර තිබෙන බව වාර්තා වේ.

සිය නියෝග පිළිනොගන්නා සියලු‍දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ඉරාන රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සමූහ පිටුවහල් කිරීම ලෝකයේ වඩාත්ම දිළිඳු රටක් වන ඇෆ්ගනිස්ථානය තවදුරටත් අස්ථාවර කරනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරන අතර මේ වනවිට ඇෆ්ගනිස්ථානුවන් ලක්ෂ 7කට වැඩි පිරිසක් ඉරානය අතහැර ගොස් ඇති බවද වාර්තා කර තිබේ.

ඉරානය තුළ මේ වනවිට ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් සහ සරණාගතයින් මිලියන 4ක් පමණ රැඳී සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleකහවත්තේ ඝාතනය දුරදිග යයි : පොලිස් කොමිසමෙන් පරීක්‍ෂණයක් !
Next articleජනපති අනුර ඉතිහාසයට එක්වෙන හැටි චම්පික කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here