Home අද මට දැන් මාව දැක්කා කියන තනූජා ගැනත් සැකයි : වැලිගම කමනී යළිත්...

මට දැන් මාව දැක්කා කියන තනූජා ගැනත් සැකයි : වැලිගම කමනී යළිත් කරළියේ !

174
0

තමන් පැහැරගැනීමට ලක්වීමේ සිදුවීමට එය ඇසින්දුටු සාක්ෂිකාරිය ලෙස ඉදිරිපත්ව සිටින තනූජා මහත්මියද සම්බන්ධදැයි සැකහිතෙන බව ජාතික ජනබලවේගය පක්ෂයේ වැලිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රීනි කමනි අල්විස් පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

වැලිගමදී සිදුවූ බව කියන මෙම පැහැරගැනීම ජාතික ජනබලවේගය ආණ්ඩුවේ අසාර්ථක පිටපතක් බව අනාවරණය කරමින් CCTV දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සහිතව පසුගියදා විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමින් මෙම මාධ්‍ය හමුව පවත්වා තිබිණ.

එහිදී කමනි අල්විස් මන්ත්‍රීවරිය මෙසේද පවසා සිටියාය.

“ඊයෙ පෙරේදා සර්වජන බලයෙන් ඉල්ලපු අපේ තනූජා මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියනවා මම බැහැලා වාහනේට නැග්ග කතාවක්. ඔය කියන තනූජාගෙ ගෙදර ගාවින් යද්දී තනූජායි තනූජාගෙ මහත්තයයි කෝල් එකක හිටියා, පිටිපස්ස හැරිලා බැලුවාම මමත් අත වැනුවා, එයාත් මට අත වැනුවා. ඔය සිද්ධිය වුණේ ඉස්සරහට ඇවිල්ලා කිලෝමීටරයක් විතර වුණාට පස්සෙ. දැන් තනූජා කියනවානෙ මම වාහනේට නගිනවා දැක්කා, බොහොම සතුටින් ගියා දැක්කා කියලා. ඇත්තටම මම සතුටින් තමා ගියේ, ඉස් ඉස්සෙල්ලාම සභාවට යන දවස. තනූජා කියනවා මම විසින් වාහනයක් ගෙන්නාගෙන මම විසින්ම පැහැරගෙන ගිය කතාවක්. එතකොට මට වඩා හොඳට තනූජා මේ සම්බන්ධව දන්නවා. තනූජාගෙ ගෙදරයි ඔය සිද්ධිය වෙච්ච තැනයි අතරේ ලොකු දුරක් තියෙනවා. එක්කො තනූජා මගෙ පස්සෙන් ඇවිල්ලා තියෙනවා. පස්සෙන් එන්න ඇත්තෙත් මොනවාහරි දන්න නිසානෙ. එහෙම නැත්නම් එයා කාටහරි කෝල් දීලා තොරතුරු බලලා, මොනවාහරි සිදුවීමක් වෙලා තියෙනවා”

කෙසේවෙතත් මෙම මාධ්‍ය හමුව සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දිගින් දිගටම විමසන ප්‍රශ්නයක් වී තිබෙන්නේ මන්ත‍්‍රීවරිය පැහැරගැනීමක් සිදුවූවා නම් ඒ මොහොතේම ඇගේ සැමියා ඒ බව පොලිසියට පැමිණිලි නොකළේ මන්දැයි කියායි.

Previous articleරනිල් දාපු X පණිවිඩය ඊලෝන් මස්ක් repost කරයි.!
Next articleපාතාලයෙන් අදත් වෙඩි වරුසාවක් : තිදෙනෙකු රෝහලේ : බුකිය Mr.බංකුව හොයයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here