Home අද සුගීෂ්වර කතානායකට එල්ලකළ චෝදනා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය ප්‍රතික්ෂේප කරයි !

සුගීෂ්වර කතානායකට එල්ලකළ චෝදනා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය ප්‍රතික්ෂේප කරයි !

65
0

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ (වැ.බ)ගේ අත්සනින් නිකුත්කර ඇති එම ලිපිය අනුව කතානායක නිල නිවස වත්මන් කතානායක භාවිතා නොකරයි. ඒ වෙනුවට ඔහු ලෝරිස් මහල් නිවාස සංකීර්ණයේ නිවස භාවිතා කරන අතර ඊට අදාළ කුලිය ගෙවයි.

එසේම  කාර්‍ය මණ්ඩලය සඳහා බඳවාගෙන තිබෙනුයේ ද 8 දෙනෙකු පමණි.

නිල රථ ද 2ක් පමණක් භාවිතා කරන අතර ඒ සඳහා ලබන ඉන්ධන ලීටර් 900 කැබිනට් අමාත්‍යවරුන් සඳහා ද නිකුත් කෙරෙන ප්‍රමාණයයි.

කතානායක සම්බන්ධවූ පළවූ මාධ්‍ය වාර්තා සඳහා පදනම් වූයේ පසුගියදා නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර විසින් පැවැත්වු මාධ්‍ය හමුවේදී සිදුකළ අනාවරණයකි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ (වැ.බ) විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Previous articleවාහන ආනයනය ඉහලට : ඩොලර් සංචිත අවදානමක: භාණ්ඩාගාරය මහ බැංකුවට අනතුරු අඟවයි !
Next articleබඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ගේනවා : ලාල් කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here