Home අද විපක්ෂයෙන් කන්ටේනර් 323 ගැන නීති මාර්ගයට!

විපක්ෂයෙන් කන්ටේනර් 323 ගැන නීති මාර්ගයට!

54
0

රතු ලේබල් යටතේ තිබූ කන්ටේනර් 323ක් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට එරෙහිව විපක්ෂය ලබන සතියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන්සභාවට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, සහ අධිකරණයට වෙන වෙනම පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව විපක්ෂය විසින් මෙම පැමිණිලි කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබේ.

මීට අදාළ කරුණු ගොනු කිරීම නීතිඥ කණ්ඩායම් දෙකක් මාර්ගයෙන් සිදුකළ බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මෙතෙක් රැස් කළ තොරතුරුවලට අනුව රතු ලේබල් යටතේ පැවැති කන්ටේනර් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස්කර ඇති බවත්, එලෙස නිදහස් කිරීමට කිසිසේත් නොහැකි කාර්යයක් බැවින් ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව විපක්ෂයේ ස්ථාවරය වී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleකාදිනල් හිමිගේ පූජක දිවියේ 50 වන ජුබිලිය හෙට අගරදගුරු මැදුරේ : ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා – බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්!
Next articleට්‍රම්ප් සමඟ ගැටුම මැද : ඊලෝන් මස්ක් “ඇමරිකානු පක්ෂය” දියත් කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here