කොස්ගම පොලිස් වසමේ සුදු වැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (06) සිදු කල වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි තිදෙනෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇත.
තුවාලකරුවන් අවුරුදු 12, 30 හා 44 වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
තුවාලකරුවන් අතර මව, දියණිය සහ තවත් පිරිමි පුද්ගලයෙකු වන අතර මොවුන් කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව තිබේ.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දිගින් දිගටම සිදුවන පාතාල ක්‍රියාකාරකම් හමුවේ ජනතාව පත්වන පීඩනය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළද අවධානය යොමුව තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටින්නේ තම ආණ්ඩුවක් යටතේ පෝය දෙකෙන් පාතලය අවසන් කරන බවටත්, ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දීමට බංකු රැගෙන එන ලෙස උපහාසාත්මක ප්‍රකාශ සිදුකළ වත්මන් ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර ගේ වැඩපිළිවෙල දියත් කරන්නේ කවදාද කියායි.