නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පුෂ්පකුමාර් (ඉනිය භාරතී) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් හෙවත් (පිල්ලයාන්ගේ) සමීපතමයකු මෙන්ම දේශපාලන කටයුතු වලට සහයෝගය දක්වන අයකු වේ. පිල්ලයාන් සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව මෙම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ 2006 දී සිදු වූ බව කියන පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම නඩුව සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදු කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.