Home අද රනිල් දාපු X පණිවිඩය ඊලෝන් මස්ක් repost කරයි.!

රනිල් දාපු X පණිවිඩය ඊලෝන් මස්ක් repost කරයි.!

2405
0

ශ්‍රී ලංකාව තුළ Starlink අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ආරම්භ කිරීමට අනුමැතිය ලැබීමත් සමඟ, ඒ සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තැබූ X සටහන Repost කරමින් Starlink හි නිර්මාතෘ සහ SpaceX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සෘජු ප්‍රතිචාරයක් ලබාදී තිබේ.

අදාළ x සටහන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තබා තිබුණේ ශ්‍රී ලංකාව සඳහා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල ප්‍රවේශය සලසා දීම පිළිබඳව එහි හිමිකරු එලෝන් මස්ක් වෙත සිය කෘතඥතාව පළකරමිනි.

වැඩිදුර විස්තර

එසේම ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සම්බන්ධව සාකච්ජා කිරීමට නුදුරේදී ම මස්ක් හමුවීමට බලාපොරොත්තු වන බව එහිදී සඳහන් කර තිබිණ.

ඒ අනුව ඊලෝන් මස්ක්ගේ මෙම ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා ජාත්‍යන්තර අවධානයක් ගෙන එන සිදුවීමක් වෙයි.

කෙසේවෙතත් අධි වේගවත් Starlink ඉන්ටර්නෙට් සේවාව ශ්‍රී ලංකාට ලබා ගැනීම වෙනුවන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි නිර්මාතෘ ඊලෝන් මස්ක් හමුවී සෘජු සාකච්ජා පැවැත්වීම, ආර්ථික ඝාතකයන් සමීපකර ගැනීමක් ලෙස එවකට විපක්ෂයේ සිටි වත්මන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැන්නවුන් විවේචනය කර තිබිණ.

නමුත් හිටපු ජනාධිපතිවරයා දැරූ ප්‍රයත්නය වත්මන් පාලනය යටතේ සාර්ථකවීම සමඟ අමාත්‍යවරයා එවැනි ප්‍රකාශ සිදුකළ බවක් දැනගන්නට නැත.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ගැන සාකච්ජා කිරීමට මම නුදුරේදීම ඊලෝන් හමුවනවා – රනිල්ගෙන් හදිසි X පණිවිඩයක්!

Previous articleසාෆි part 2 ? : “මා මරණ තර්ජන කළේ නෑ” – විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණියගෙන් පැමිණිල්ලක් !
Next articleමට දැන් මාව දැක්කා කියන තනූජා ගැනත් සැකයි : වැලිගම කමනී යළිත් කරළියේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here