Home අද කාදිනල් හිමිගේ පූජක දිවියේ 50 වන ජුබිලිය හෙට අගරදගුරු මැදුරේ : ප්‍රභූවරුන්...

කාදිනල් හිමිගේ පූජක දිවියේ 50 වන ජුබිලිය හෙට අගරදගුරු මැදුරේ : ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා – බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්!

229
0

පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් රටට හෙළි කිරීමට නොහැකි වී තිබෙන පසුබිමක ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, ඇතුළු දේශපාලනඥයන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර හමුවක් හෙට ( 07) පැවැත්වේ.

මෙම හමුව පැවැත්වෙන්නේ මැල්කම් රංජිත් හිමිපාණන්ගේ උත්සවය පිරීම නිමිත්තෙන් අගරදගුරු නිවසේ සංවිධානය කර ඇති ප්‍රධාන උත්සවයේදීය. මෙම උත්සවයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට, අගමැතිවරියට, සහ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් හෙට දිනයේදී බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට දින සවස 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

Previous articleපාතාලයෙන් අදත් වෙඩි වරුසාවක් : තිදෙනෙකු රෝහලේ : බුකිය Mr.බංකුව හොයයි !
Next articleවිපක්ෂයෙන් කන්ටේනර් 323 ගැන නීති මාර්ගයට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here