ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට එම රෝහලේ සේවය කරන ලද විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු මෙසේ ඉල්ලා අස්වී ඇති අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී තිබේ.
දැනගන්නට ඇති ආකාරයට සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා ලිපියේ දක්වා තිබෙන්නේ පෞද්ගලික අවශ්‍යතාවක් මත රෝහලෙන් ඉවත් වන බවයි. කෙසේ වුවද රෝහල් ආරංචිමාර්ග පවසන්නේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු රෝහලේ සිටින බවයි.
මෙම රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දහඅට වැනිදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කළ අතර, ඒ ශල්‍ය අයිතම රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගින්ට දැනුම් දීම ඇතුළු චෝදනා කිහිපයකටය.
කෙසේ වෙතත් මේ වන විට හිඟයක් තිබියදී වුවද වෛද්‍යවරුන් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අයිතම පිටතින් රැගෙන ඒම සඳහා නිර්දේශ නිකුත් කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක සිටින බවද වාර්තා විය.