Home අද ගබඩාවල මෙට්‍රික්ටොන් 85,000 හාල් තිබියදී සහල් මාෆියාවට හොද පාඩමක් උගන්වන්න වසන්ත ඉන්දියාවෙන් හාල් ගෙන්වයි!

ගබඩාවල මෙට්‍රික්ටොන් 85,000 හාල් තිබියදී සහල් මාෆියාවට හොද පාඩමක් උගන්වන්න වසන්ත ඉන්දියාවෙන් හාල් ගෙන්වයි!

140
0

මෙරට කීරි සම්බා මෙට්‍රික් ටොන් 85000ක් ගබඩා වල ඇති බවත් ඒ අතුරින් පොළොන්නරුවේ පමණක් කීරි සම්බා මෙට්‍රික් ටොන් 75000ක් ඇති නමුත් ඒවායේ හිමිකරුවන් වෙළෙඳපොළ තුළ කිලෝව රුපියල් 300 බැගින් දීමට උත්සාහයක නිරත බවට අමාත්‍ය වසන්ත සමරසිංහ චෝදනා කරයි.

කීරි සම්බා කිලෝ 5 ඇසුරුම් වල මිල රුපියල් 1300ක් ලෙස සඳහන් කර ඇතත් විකිණීමේදී මිල රුපියල් 1500ක් ලෙස තවත් රුපියල් 200ක් එකතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එය තවදුරටත් සිදුවීමට දිය නොහැකි බැවින් කීරි සම්බා වලට සමාන ඉන්දියාවේ GR 11 සහල් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 40000ක් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණයක් ගෙන ඇති බවත් එමඟින් කිලෝව රුපියල් 250ට අඩුවෙන් ලබාදීමට හැකි බවත් ඔහු පැවසීය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට අදහස් දක්වමිනි.

මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න වගා හානිය නිසා නොලැබුණු බවද ඔහු පැවසූ අතර නමුත් යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 5ක් වගාකර ඇති බැවින් ප්‍රමාණවත් සහල් තොග ලැබෙනු ඇති අතර වෙළෙඳපොළේ හසල් හිඟයක් ඇති නොවනු ඇතැයිද පැවසීය.

කෙසේවෙතත් යම් ආකාරයකට කාලගුණ හෝ අස්වනු අඩුවක් හෝ වෙනත් හේතු මත ප්‍රමාණවත් නොවුණු හොත් ඒ සඳහා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.

කුකුළු මස් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් ද සහල් සැපයීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

සකේ සහ බියර් ද මෙරට නිෂ්පාදනය කරන බවද ඔහු එහිදී සිහිපත් කර සිටියේ ය.

Previous articleගරු කථානායක ජගත් රාජ්‍ය දේපොළ අවභාවිතා කරන බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
Next articleආණ්ඩුවේ තවත් තීන්දුවක් “රිවස්” මහජන විරෝධය හමුවේ දේශීය සිසුන්ට KDU දොර යළි ඇරේ.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here