Home අද භාතිය ඇතාගේ ජීවිතය අවදානමේ: පරිසර ඇමතිට ඉහල ප්‍රතිචාර !

භාතිය ඇතාගේ ජීවිතය අවදානමේ: පරිසර ඇමතිට ඉහල ප්‍රතිචාර !

188
0

පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව වැටී සිටින භාතිය නම් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුලු පරිසරය පිළිබඳ සංවේදී කොටස් වල දැඩි කනස්සල්ලක් හා කෝපයක් මතුව තිබේ.

May be an image of 4 people and elephant

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අනුව, භාතියගේ තත්ත්වය දිනෙන් දිනම පිරිහෙමින් පවතින අතර, එම ඇතා මේ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියි. ඇතාට ලබා දෙන ප්‍රතිකාරවල ප්‍රමාණවත් නොවීම සහ ඒවායේ කාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව ප්‍රශ්න කරති.

භාතිය සුවපත් කිරීමට කියා දැනටමත් රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රතිජීවක (antibiotics) ප්‍රමාණයක් ඇතාට ලබා දී ඇති බව වනජීවි දෙපාර්තුමේන්තුව පාර්ශ්වයෙන් සඳහන් වී තිබුණද ඇතාගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනා නොගෙන ප්‍රතිකාර සිදු කර ඇතිදෝ යන සැකය ජනතාව තුළ මතු වී තිබේ.

ඇතා මේ වන විට ජලය පිරි වලක වැතිර සිටින අතර පාදයේ ආබාධය හේතුවෙන් වැටී හිටගෙන සිටීමට පවා නොහැකි බව වාර්තා වේ. මේ අතර හඳුනාගත් පළමු මොහොතේ සිට ඇතාට නිසි ප්‍රතිකාර සැළැස්මක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධවද චෝදනා එල්ල වෙයි.

May be an image of 14 people and elephant

පසුගිය දිනවල පශු වෛද්‍යවරුන් ඇතාට ප්‍රතිකාර කිරීමට පව නොපැමිණි බවටද ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි.
ඇතාගේ මෙම දුක්ඛිත තත්ත්වයට වගකිව යුත්තේ “ඉහළ පුටුවල පිංපඩි ගිලින බලධාරීන්” බවට දැඩි විවේචනද ඒ අතර එල්ල වෙමින් තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, “භාතිය දැන් හුස්ම ගන්න ඇට සැකිල්ලක්” බවත්, “මීට වඩා හොඳයි මැරිලා ගියානම්” යැයි ඇතාටම සිතෙන්නට ඇති බවත්, එම සතා කියාගත නොහැකි වේදනාවකින් පෙළෙන අහිංසක ජීවිතයක් බවත්ය.

මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බරපතල ලෙස චෝදනාවට ලක්ව තිබේ.

රටටම ආභරණයක් බඳු දුලභ සතෙකු ලෙඩ වූ විට රෝගය හඳුනා ගැනීමට පවා හැකියාවක් හෝ උවමනාවක් නොමැති නම් ඒ සම්බන්ධව වනජීවී අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු බවත්, පරිසර අමාත්‍යවරයා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

නිසි ප්‍රතිකාර ලබා දුන්නේ නම් මේ වන විට ඇතා සුව වී සිටිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

මේ අතර ප්‍රදේශවාසීන්, පරිසරයට ඇලුම් කරන පිරිස් අවස්ථා ගණනකදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව භාතිය ඇතාට අවශ්‍ය ආහාර සපයමින් කැපවෙනු දක්නට ලැබුණු අතර වගකිවයුතු පාර්ශ්වයන්ට නොතිබි එකී සහකම්පනය ඇතුව සිදුකළ කටයුත්ත පැසසිය යුතුය.

කෙසේ වෙතත්, ඊයේ ( 04) දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පොල්පිතිගම ප්‍රදේශයට පැමිණ භාතිය ඇතා නිරීක්ෂණය කර තිබේ.

එම නිරීක්ෂණයෙන් අනතුරුව, ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීමට සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දීම සඳහා වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශුවෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතුළු නිලධාරීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක්, පරිසර සංවිධාන නියෝජිතයන්, මහව පොලීසිය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව ඇත.

භාතිය ඇතාගේ ජීවිතය බේරා ගැනීමට රටේ ජනතාවත් පරිසර හිතකාමීනුත් දැඩි උනන්දුවකින් පසුවන අතර, බලධාරීන්ගේ කඩිනම් හා කාර්යක්ෂම මැදිහත්වීමක් ඔවුහු අපේක්ෂා කරති.

ඡායාරූප : අන්තර්ජාලයෙන් හා ට්‍රැවල් විත් දිනුක ෆේස්බුක් පිටුවෙන්

Previous articleහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට!
Next articleලංගම සභාපති කසිප්පු ගුණේට ඇඳලා : සේවකයන්ට ගහලා දොට්ට දාන්න උපදෙස් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here