Home අද නදුන් චින්තක ( හරක් කටා) ගේ ජීවිතය අනතුරේ !

නදුන් චින්තක ( හරක් කටා) ගේ ජීවිතය අනතුරේ !

213
0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක නොහොත් (හරක් කටා) ගේ ජීවිතය අනතුරේ බව පවසමින් ඔහුගේ නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසයි.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර එහි මෙසේද දැක්වෙයි.

නදුන් චින්තක උණ රෝගයක් වැලදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති අතර දැනට 37 වන වාට්ටුවට ඇතුලත්කර ඇත.

-මින් පෙර මා විසින් තංගල්ල බන්දනාගාරය තුල ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින් ඔහුව රදවා සිටින ආකාරය අනුව ඔහුගෙ සිර කුටිය අවට මදුරුවන් බෝවීමට ඉඩ හැර සහ නරක්වූ ආහාර සැපයීම මගින් කුමන්ත්‍රණකාරී ලෙස ඔහු මරා දැමීමට සැලසුමක් ඇති බව,ඔහු ප්‍රකාශ කල බව මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුනි.

-එසේම මේ වනවිට ජාතික රෝහලට ඇතුලත්කර ඇති නමුත් කිසිවකුට ඔහුව බැලීමට හෝ තොරතුරු ලබාදීමට පොලීසිය සහ ජාතික රෝහල ඉඩ නොදේ.

– උදුල් ප්‍රේමරත්න
(2025/07/05)

මේ සමඟ ඔහු විසින් සිය සේවාදායකයා සම්බන්ධව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලද අමුණා ඇති අතර එය පහත දැක්වෙයි.

 

Previous articleවැරදි නියෝගයක් ක්‍රියාත්මක කරන්න වුණොත් ලොග් සටහනක් හරි තියන්න !
Next articleපර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කෙරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here