Home අද වැරදි නියෝගයක් ක්‍රියාත්මක කරන්න වුණොත් ලොග් සටහනක් හරි තියන්න !

වැරදි නියෝගයක් ක්‍රියාත්මක කරන්න වුණොත් ලොග් සටහනක් හරි තියන්න !

513
0

කැබිනට් තීරණයක් කියූ පමණින් දූෂණයක් සම්බන්ධව නිලධාරීන්ට ගැලවීමක් නොමැති බවත් එයින් වාසියක් නොලැබුණත් රජයට යම් පාඩුවක් කරනවා නම් දූෂණය කියන වරදට අහුවෙන බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සඳහන් කළේය.

වැරදි නියෝගයක් ලැබුණද , එය වරදක් බව දැනුවත් නමුත් එය සිදුකිරීමට සිදුව ඇති බවට ලොග් පොතේ හෝ සටහනක් තැබීමේ වැදගත්කමද ඔහු සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මේ බව සඳහන් කර සිටියේ අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“මෑතකදී ඉදන් සමහර රජයේ නිලධාරීන් හිරේ යන මට්ටමට ඇවිත් තිබෙනවා. පහුගිය රජයන් විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණ කියල කියන්න පුළුවන්. ඒ කියන්නේ කැබිනට් ඩිසිෂන්ස් කියල කියන්න පුළුවන්. රාජ්‍ය සේවකයෝ හිතාගෙන ඉන්නවා නම් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත්තහම ඕන එකක් කරන්න පුළුවන් කියල හැබැයි ඒ අමාත්‍ය මණ්ඩල තීරණ අරන් තියෙන්නෙත් කරප්ට් ඉන්ටෙන්ෂන් එකෙන් නම් ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඔබ දන්නවා බෙහෙත් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා හිටපු අමාත්‍යවරයාට විරුද්ධව. ඒ ඔක්කොටම කැබිනට් පේපර්ස් තියෙනවා.

පොහොර සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. කාබනික පොහොර ගෙනල්ලා ඩොලර් මිලියන 6.9ක් ලංකාවට පාඩු වෙනවා. නමුත් කැබිනට් පේපර්ස් තියෙනවා.

මේක ඇතුලේ රජයේ සේවකයින් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් අපි කොහොමද තීරණ ගන්නේ අපිව අල්ලස් එකෙන් අල්ලන් යනවනේ කියල. ඔබට මට දෙන්න තියෙන්නේ ඉතාම සරළ උත්තරයක්.

ඔබ සත්භාවයෙන් සිදුකරන කිසිම දෙයක් සම්බන්ධයෙන් මේක අදාළ වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි වෙනස් කරගත යුතු ලක්ෂණයක් තියනවා රජයේ සේවකයින්ට, ඒ තමයි දේශපාලනඥයෝ කියන දේ කරන්නේ නැති රාජ්‍ය සේවයක් හදාගන්න. එහෙම වුණෙත් නෑ එහෙම වෙයිද කියන්න අපි දන්නෙත් නෑ. කවුරුහරි කියුවොත් මට ඇමතිතුමා කියුවා ඒ නිසා මේක කළා කියලා ඔහු මේ වරදට වගකීම දැරිය යුතු නැහැ. ගොඩක් ඒවා කියල තියන්නේ වාචිකව. මොකද සමහර දේශපාලකයෝ රජයේ සේවකයින්ට වඩා ස්මාර්ට්.

සමහර රාජ්‍ය සේවකයෝ ඉන්නවා, මට සමහර කරුණු කියන්න බැහැ. ඒවාට යම් පියවරක් අරගෙන තිබිච්ච.අඩුම ගානේ තමන්ගේ ලොග් පොතේ හරි මට මෙයා මෙහෙම කිව්වා කියල ලියල තියෙනවා. මම දන්නවා මේක වැරදියි කියලා නමුත් මට මේක කරන්න සිද්ධ වෙනවා කියලා ලොග් පොතේ හරි සටහන් තියලා තියෙනවා. ඒ නිසා මට දෙන්න තියන පණිවිඩය එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට අරන් නෑ.”

Previous articleආණ්ඩුව හරි පීල්ලේ බව පිළිගන්න : ජනතාව බලාපොරොත්තු වුණාට වඩා අපි වැඩ කරා – වටගල!
Next articleනදුන් චින්තක ( හරක් කටා) ගේ ජීවිතය අනතුරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here